Back to Top

By Pubudu Siriwansa

sta6862e_substance-dzintari-park-medium

තිස් නමවන කොටස…

             අසල වූ උද්‍යාන අවන්හලකින් සරල ආහාරයට හා බීමට යමක් මිලදී ගත් අප හොඳින් සෙවනැති ගඟා ඉවුරට වඩාත් අද්දරින් වන අසුනක් මතට වීමු. “මතකද… අපි මුලින්ම උද්‍යානයට පැමිනි දවස.” දිගු විරාමයකට පෙර හමුවන මේ කෙටි වේලාව අපහසුවන් පිරිව ගත වන්නට හැරීම නොකල යුත්තකි. “මට මතකයි ඒත් මේ වගේම ගිම්හානයක අවසන් භාගය..” මම ඇයගේ අවධානය වෙනතකට ගෙන යන්නට වන වන උත්සාහය මත තව දුරටත් ‍රැදෙමින් උත්සාහ කරන්නට වීමි. “මට මතකයි , ඔබ උද්‍යානයේ ප්‍රධාන දොර‍ටුව දිසාව පිලිබදව මගෙන් විමසා සිටියා. මම් හිතන්නේ එතකොට ඔබ උද්‍යානයට පමනක් නොවේ නගරයටම අමුත්තෙක්” ඇය පිලිතුරු දුන්නාය. “ඇත්තෙන්ම ඔහොතේ මම හිටියේ නගරයේ උද්‍යානයේ අතරමංවී විතරක් නොවේ ජීවිතය තුලත් හුදකලාවී අතරමංවයි. ඒත් ඔබ පිලිතුරු දෙමින් සුහඳව කල කථා බහ මට ශක්තියක් වගේ දැනුනා. ඇත්තෙන්ම ඔබේ සුහඳ බව උද්‍යානයේ දොර‍ටුව සොයා ගන්නට පමනක් නොව ඒ දවස් වල මා අසරනව සිටි දවසේ දොර‍ටුවක් වන්නටත් ප්‍රබෝදාත්මක සහයක් උනා. ආගන්තුක නගරයක ඒකාකාරී කරුනු අතර ගතවන දේශන වලට කො‍ටුව අසරන බවක් ගෙන තිබූ ජීවිතයට ඇත්තෙන්ම ප්‍රබෝධයක් උනා. දන්නවද , මට පසුව තේරුනා අප මුලින්ම දා කල සුලු කථා බහේදී ඔබගෙන් ලැබුනු ශක්තියට වඩා වැඩි ආභාශයක් ඔබටත් නොදැනීම මම ඔබෙන් ලබා ගත්තා කියලා. මම හිතන්වා ඔබ මගේ උදාහරනය විසුලුවකට ගෙන සිනා නොවේවි කියලා. මම එතකොට හිටියේ හොදටෝම බැටරි බලය ගෙවී ගිය පරිගණකයක් වාගේ. ඔබත් නොදෑනීම මම ඔබගෙන් විශාල මිනිස් ශක්තියක් ලබා ගත්තා වගේ මට හැගුනා. අදත් මම කියනවා ඔබට ගොඩක් ස්තූතියි කියලා” මම ස්තූතිපූර්ව බවක් පලවෙන ලෙසට පවසා සිටියෙමි. “මම අදටත් ඔබට කැමතිවන ප්‍රධාන හේතුවක් තමයි ඔබගේ ඒ වන අපූර්ව ගුනාංගය. මම හිතනවා යලිත් මා මේ නගරයට කැදවන ප්‍රධානතම ආකර්ෂනය ඔබගේ ඒ ගුනාංගය කියලා.”(60)

vfiles10335

තිස් අටවන කොටස..

                                   සාමාන්‍යයෙන් ගිම්හානකාලයේ දහවලට පවා සිසිලැති උද්‍යානය ජනාකීර්න ස්වභාවයක් ගන්නා නමුදු අප ඒ වෙත පිවිසෙන වෙලාව වන විට එතරම් කලබල කාරී බවක් එහි නොතිබිනි. උදයානයේ එක් කෙරවලකට අද්දරින් ගලා බසින සංගාවට සමාන්තරව දිවෙන මාවත ඔස්සේ අප ඇවිඳ යන්නට වීමු. “ඔබට විස්වාසද ඔබ නැවත මේ නගරයට ඒවිම දැයි කියා? මොකද… එසේ නැත්නම් මම නැගෙනහිර පැත්තට වන ප්‍රදාන නගරයක් දිසාවට අලුත් ‍රැකියා ස්ථානයකට යන්නට කියලයි හිතුවේ. ” පැමිනෙන්නට නියමිත හුදකලා බව ඇයව අපහසුවට පත්කර තිබෙනවා විය හැකිය. තවදුරටත් මාතුල වන දෙගිඩියාව ඔස්සේ මෙසේ සමීපතමියක අපහසුතාවයට පත්වන්නට ඉඩ හැර සිටීම අමානුෂිකය. “හොඳයි මම ඔබට පොරොන්දු වෙනවා” මම ඇය වෙත ගිවිසීමි.”හැබැයි ඒක මහත් අපහසුවෙන් දෙන පොරොන්දුවක නොවෙයි නේද?” ඇය තම වෘතීය තුල වන උපදෙස් හේ අන දෙනවාට වඩා ඔවුන්ව එකගකර ගැනීමේ අපූරු හැකියාව අප ගැටලුව වෙතටද කැදව ගෙන පැමින ඇතුවා සේය. ලොව නෙක පරිව්සරවල ඇවිඳිමින් හමුවූ බොහෝ පිරිස් අතරින් ඇය වඩා කැපීපෙනෙන එකියක ලෙස හැගෙන්නේ මෙවන් අපූරු ගුනාංග ඇයවෙත පිහිටා ඇති නියාවෙනි. මානුෂිකව දෑ සමග කටයුතු කරන්නට යැය තුලවන ගුනාංගය බොහෝ විට මම දැක තිබුනෙමි. සමහර විට එම තීර්න ඇයට අවාසි සහගත අවස්ථාවලදී පවා ඇය වඩාත් සුදුසු බවට හැගෙන බැවින් ගන්නා එම තීර්න මත නොසැලි ඉන්නට හැකියාව ඇත්තියක වූවාය. අද මධ්‍යම රාත්‍රිය වන විට ඇති ප්‍රාදේශීය ගුවන් යානයකින් රටේ ප්‍රධාන ගුවන් තො‍ටුපොල වෙතට යන්නට හා හෙට උදෑසන වන විට සැතපුම් දහස් ගනනක් දුරින්වන නව අධ්‍යාපන ආයතනය පිහිටි නගරය වෙතට යාමට නියමිත බවටත් පැහැවෙදිලි කලෙමි. සමහර විටක ස්ථීරවම මා නැවත එන බවට කල පොරොන්දුව ඇය වඩාත් ශක්තිමත් කරන්නට කටයුතු කර ඇතුවා විය යුතුය . මද සිනාවක් පාමින් හිස සලා ඒවා වටහා ගත් බවක් පෑවාය. සමහර විටක අපිදෙදෙන අතරට විවේකයක්ල් පැමිනීම වඩාත් හොඳ වේවි. ඉදිරි දෑවසර අවසන් වන්නට පෙර වඩාත් අලුත් මිනිසුන්ව වඩාත් සාර්ථක සැලසුම් සමග අපට හමුවන්නට හැකිවේවි. මා පෙරද කීවා සේ වඩාත් ධනාත්මක බලාපොරොත්තු වලට පිවිසෙන්නට ඇය සමතියක් පමනක් නොව අනෙකාවද ‍රැගන යන්නට මහත් සමතියකි.(59)

central-park-fall

තිස් හත්වන කොටස…

               අප ආයතනයේ රථගාල වෙතට පිය නගන්නට වීමු. අප හමුවූයේද දිගැති දවසැති උනුසුම් ගිම්හාන කාලයකදීය. චක්‍රානුකූල සොබා දහම නැවත ඊලග ගිම්හානය ‍රැගෙන විත් ඇත්තේ තාවකලිකව හෝ සමුගැනීමක අනිවාර්ය ඇරයුමක්ද ‍රැගෙනය. නොසලකා හැරීම සමස්ත ජීවිතයටම බල පෑහැකි වාතාවරනයක්ද පසුබිම් කරගත් සමුගැනීමක ඇරයුමක් ගෙනය.(57) උනුසුම් දහවල අවසන් භාගයේ වූවද විවෘත කඳු මුදුනත එතරම් සුවපහසු තැනක් වන්නට නම් තව හෝරා දෙක තුනක් වත් අවශ්‍ය හෙයින් අප නගරයේ උද්‍යානය වෙතට යන්නට තීර්නය කෙරුවෙමු. මලින් බරව ඇති විශාල වෘක්ෂයන් වලින් ගැවස ගත් උද්‍යානයේ එක් කෙරවලක ගලා බසිමින් ඇති ගංගාවේ ඉවුරු තලයේ වන අසුනක් නම් වඩාත් පහසු බැවින් ඒ දෙසට යන්නට වීමු. “අයි අපි කථා නොකරන්නේ?” දෙබස කොතැනින් හෝ ඇරබිය යුතුය. තව අතකින් නිඬකම තව දුරටත් අප පීඩාවට පත්කරන්නට ඉඩ නොතැබිය යුතුය. “හෙට උදෑසන වන විට ඔබ නගරයෙන් සමුගන්නවා.ඔබ නිතරම කියන්නා වගේ පැමිනෙන සියල්ලෝම ආපසු යායුතුයි. ඒත් ඒ සමුගැනීම මේ තරම් වේදනාකාරී වීම නම් මට මහත් අපහසුවක්” ඇයගේ විවෘත වීම මහත් සහනයකි. “සමහර විටක දෑ හමුවේ ඔබ නිහඬව සිටීම ඒ දෑ ගෙනෙන වෙහෙසට වඩා මට දැනෙනවා” වරක් මා ඇයවෙතට පැවසුවා මතකය. “හොඳයි , මම මෙසේ පොරොන්ඳු වෙන්නම් එලබෙන දෑවසර අවසන් වන්නට පෙර ම ඔබව නැවත මුන ගැසෙනවා. ඉදිරි වසරේ ගිවිසුම අවසන් වීමෙන් පසුව මා වෙනත් ගිවිසුමකට නො එන්නට තීර්නය කලා. එලබෙන වසර අවසානයේ මම ආශ්‍රමය වෙතට යන්නට හා කෙටි කාලයකින් නැවත මෙහි එන්නටත් සැලසුම් කරන්නම්” අවසාන තීර්නයක් මාතුල ඒ පිලිබදව නොවූවද පලමුව ඇය මේ අපසහුවට විවෘතවීම අවසන් කර ගත යුතුය.”අපිට පුලුවන් වේවි අපේ හැදැරීම් සටහන් පෙල අවසන් කරන්නට මෙන්ම තවත් අලුත් ව්‍යාපෘති කිහිපයකට අත ගසන්නට. අර වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ අපේ මේ විෂයන් ගැන වෙනස් මතවාද කිහිපයක් ගොඩ නගන්නට මාකල යෝජනාවට අප එකගනම් ඒකත් අරබනට හැකි වේවි. හැබැයි මේ හැමටම වඩා මා අර කීව ආශ්‍රම භූමියට අද්දරින් වන ගම්මානයේ මිනිසුන්ගේ අපූර්ව ජීවිත රටා ගැන වන සටහනනම් ගොඩක් සාර්ථක වේවි මගේ හිතේ.” මාගේ පලමු අවශ්‍යතාවය වූවේ ඈ සිත තුලට අපහසු සිතුවිලි පැමිනෙන්නට ඉඩ නැති තරමට බලාපොරොත්තුවලින් පුරවන්නට වුවද ඒ සියල්ල අප මීට එකිනෙකා කථාබස් කර අනාගත බලාපොරොත්තු තබා සිටි ඒවා වූවාය.(58)

beautiful-street-in-france-44330-2560x1600

තිස් හය වන කොටස…

           අවසාන දින කිහිපය වන විට නැගෙමින් තිබූ අපහසු බව මකා ගන්නට මෙන් වරක් මා තැබූ දින සටහන් මතකය. එය නම් “කාලය සාපේක්ශ බවට නම් දැන් මාහට කිසිදු සැකයක් නැත. මා මේ නගරයට පැමිනි මුල් දින වල විවේකී දිනයන් ගතකර ගන්නට නොහැකිව විටක කිහිපවරක් නගරයේ වීදී ඔස්සේ එක් කෙරවලක සිට අනෙක් කෙරවල දක්වා ඇවිද ගිය කාලයක්ද විය. ඒකාකාරී මත්පැන් හලවල් නිෂ්පල උත්සාහයන් බව ඉක්මනින්ම හැගිනි. දරුනු හුදකාලාවකට මැදිව උද්‍යානයේ කෙරවලක ලී අසුනක් මතට වී ඉදිරියෙන් ගලා යන ගංගාවේ නැගෙන සිහින් දිය රල මනින්නට තැත් කරමින් සිටින කලක අහබු ලෙස හමුවූ අපූරු තරුනියක සියල්ල වෙනස් කර දමන්නට හැකිව ඇත. නගරයේ සෙවය කරමින් සිටින වෛද්‍යවරියක වූ ඇය කැපී පෙනෙන මහත් රූමත් එකියකද නොවූවාය. නමුත් ඇය ක්‍රියාශීලී , ප්‍රසන්න ගති පැවතුම් මෙන්ම වාග් විලාශකින් යුත්ත එකියක වීමම අප නැවත නැවත හමුවන්නට වූ අවිඥානික බලකිරීමක් විය. ඒ සිදුවීමේ මුල් භාගයේදීය. මැද භාගයේදී හැදෑරීම් ප්‍රිය අප දෙදෙන තොරතුරු තාක්ෂණය හා එමින් ඇති ජීවි විද්‍යාත්මක තලයන අතර වන එකගතාවයන් ගැන හැදෑරීම් සටහන් පෙලකට පවා පෙලබිනි.අවසාන භාගය දැන් පැමින ඇත. මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි”(56)

පැමිනෙන අඳුර නෙතුමානයේ වන සියල්ල පැන්සල් සිතුවමක් පමනක් බව පත්කරමින් ඇත. එය එලිය හා අඳුර පිලිබදව පමනක් වෙමින් ඇත. ඝන මිහිදුම් වැනි ස්වභාවය තැනින් තැන වෙනදාට දකින දැල්වෙන පහන් සිලු මුවා කර දමා තිබෙනවා විය යුතුය. විටක යෝධයන් මෙන් නැගී සිටින මිනිසුන් තවත් විටක අසරනයන් වන්නේ විටක හරිම අතාර්කික ලෙසටය. එම නගරයෙන් සමුගැනීම හෙටයි කියා තිබූ දිනයට පෙරදා දහවල මා දුන් දුරකථන ඇමතුම් කිසිවකට පිලිතුරු දෙන්නට අන් කෙරවලේ සප්‍රානික කිසිවෙක් නැතුවා වැනි විය. මා සේවය කල ආයතනයේ එම අධ්‍යන වසර සදහා මා වෙතට නියමිතව තිබූ අවසන් දේශනය අවසන් කල විගස ඇය සේවය කල ආයතනය වෙතට යන්නට මට අවශ්‍ය විය. ඒ වෙත ගිය මා ඔවුන්ගේ විවේකාගාරයේදී ඇයව හමුවිය හැකි බවට දැන්විනි. ඔවුනගේ විවේකාගාරයේ කවුලුවක් අසලවූ අසුනකට ව ඇය සිටියාය. මාදු‍ටු විට යාන්තමින් සිනාසුනු ඇය “මට ටිකක් හිසරදේ වගෙයි. විවේකයක් ගත්තිත් හොඳයි කියා සිතුනා” ඇය පත්ව ඇති සබෑතත්වය වසන් කරන්නට අසාර්ථක උත්සාහයක යෙදිනි. “ඔබට හොඳයි කියා සිතනවානම් අපි එලියට යමු”. තප්පර කිහිපයක් කල්පනා කල ඇය කල ඇය තම ටැබ් පරිගණකය ඔස්සේ අදාල අයැදුම ආයතනය වෙතට යොමු කලාය. වසරක් පුරාවට බොහෝ දේ කථාකරමින් මේ නගරයේ අපූර්ව පරිසරයන් මත හෝරා බොහෝ ගනනක් ඔබ මොබ සක්මන් කරමින් සිටි අප අතරට හදිස්සියේම තවත් හෝරා සියගනනක් කථාකරන්නට දේ පැමින ඇතුවා සේය. විනාඩි කිහිපයක් දැඩි නිද්‍රාවකින් මෙන් නිහඬව සිටි අප ටැබ් යන්ත්‍රය ඔස්සේ ඇයගේ ඉල්ලීම පිලිගත්බවට පැමිනි ආයතනයේ පනිවිඬය සදහා වූ සිහින් හඬින් අප නැවත පියවි ලොවට පැමිනුනා මෙන්විය.

time-shutterstock-112763713-WEBONLY-676x395

තිස් පස් වන කොටස…

                   ඈ අතිසාමාන්‍ය මනුෂ්‍ය එකියකද වූවාය. පසු දිනක අප උදයානයේ හමුවූ විටකදී ඇයට ඒ සටහන ගැන වැඩි දුර යමක් අසන්නට අවශ්‍ය විය. “ඔබ බොරුවට මාව අගය කරනවා නේද?” දෙබසේ ඇරබුම ඇගෙන් විය. “නැහැ මම කිසිවිටක ඔබව රවටන්නට උත්සාහකර නැහැ” දෙබස කෙටි වෙතැයි මා බලාපොරොත්තු විනි. “අර සටනේ අග ඔබ තියල තියපු අකුරු පෙල මා පසුව දු‍ටුවම මට එහෙම හිතුනා”. දිවිය පුරාවට හමුවූ නෙක ආකාරයේ තරුනියන් අතර ඇය සිතමත තබා තිබූ මතකය සුවිශේෂී බව මාතුල කිසිදු සැකයක් නොවිනි. “ඔබට මතකද අර උද්‍යානයේ සිතුවම් දැක්ම ගැන පසු දවසක අප අතර සිදුවූ දෙබස. ඇත්තෙන්ම ඔබව රවටන්නට කිසි සේත්ම අවශ්‍ය නොවන්නේ ඔබ අපූරු අයෙකු බව මා අත් දැක තිබෙන නිසාමයි. දන්නවද, ඔබේ හමුවෙන් පසුව මා වඩාත් සාර්ථක දේශකයෙක් වෙලා. මුල් දිනවල මගේ සාමන්‍ය දේශනවලට නොපැමිනි සිසුන් පවා දැන් පැමිනෙන්නේ හරිම උද්‍යෝගයකින් බව හොඳින් දැනෙමින් තිබෙනවා. දෙපැය පුරාව මගේ අවධානය මේතරම් සාර්ථකව නාභිගතකරගත හැකිව තිබූ කාලය මතක නැතුවා තරම්. ඇත්තම කියනවා නම් මම මම ගැනම පුදුම වෙමින්සිටිනවා” ඇය මා දෑස් දෙස එක එල්ලේ බල සිටින්නේ වචන ඔස්සේ පැමිනෙන අර්ථ සැබ වින්ම මා අදහස් කරනවාදැයි හඳුනාගන්නට මනාව පුහුනු කරන ලද එකියක ලෙසිනි. අප සමුගන්නට නියමිත වන සතිය ඇරබුනේ විදුලි වේගයෙන් මෙනි. කාලය මෙතරම් ඉක්මනට ගලා යන්නේ කෙසේදැයි සිතා ගන්නට නොහැකි තරම් යැයි විටක සිත මා වෙත යෝජනා කරනවා වැනි විය. අප අතර ඇරබුනු හැදෑරුම වේගයෙන් අවසන් කරන්නට අපට අවශ්‍ය වූ මුත් ඒ පිලිබදව අප දෙදෙනා තුලම වූ උනන්දුව හීනව ගොස් තිබිනි. හොරාවක දෙකක හැඩුමකින් මේ සිතේ වන බ‍රැති බව අවසන් කරන්නට ඇත්තනම් කොතරම් හොඳදැයි වරක් ඇය විමසා සිටින්නට පවා පෙලබිනි. දල වශයෙන් පි‍ටු හයසීයකට පමන සැලසුම් කර තිබූ අප අවසන් සටහන පි‍ටු හාරසියයක් හෝ හාරසිය පනහක් පමන අවසන්ව ඇතිව අතරමගදී නතරකර දමන්නට අපට තීරනය කරන්නට සිදුවිනි.(53)

9ee575151f8d05ba

තිස් හතර වන කොටස…

                  කුතුහල මනස ප්‍රබෝධයෙන් පිරවූ අපූරු දවසක් අවසන් වෙමින් තිබේ. බොහෝ සංස්කෘතීන් අතර වන සරල ක්‍රම වෙනස් කම් වලට වඩා මෙහි වැසියන්ගේ ජීවන රටාව පදනම් මට්ටමේ සිටම වඩාත් වෙනස් ස්වභාවයක් ගැනීම ඔනෑම හදාරන්නෙකුගේ සිත් පැහැර ගනු ඇත. ඔවුන් සමග ගතවන හැම හෝරාවකම පාහේ වඩාත් නව හැඩයක් ගත් මිනිස් සංකල්ප හමුවීම මහත් ප්‍රබෝධ ජනකය. ටිබෙටියනු මිතුරා සමු ගන්නට පෙර කල කල යෝජනාව වූවේ ඔවුන් වඩාත් දියුනුද නැතිනම් නොදියුනුද යන්න පවා විමසන්නට සම්මත අපගේ දැනුම් උපකරන වලට නොහැකි වන්නේ අප එම උපකරන නිර්මානය කර ගත් ප්‍රමිතීන් වලට ඔබ්බෙන් ඔවුනගේ ජීවන රටා නිර්මානය වන පදනම් පැවතීම නිසා විය හැක. “අප පද්ධතියක වන යමක් මනින්නට යොදාගන්නා මැනුම් යාන්ත්‍රන වලංගු වන්නට නම් ඒවා අතර සමානකම් විය යුතුයි. ඒවා කොතරම් සමාන ද යන්න ගන්නා මිනුම් කොතරම් නිවැරදිද යන්න මත රදා පවතී. අපේ දියුනු මහත්වරුන් එසේ යම් උත්සාහයක් ගත්තොත් ඒක සුලගේ වේගය අඩි කෝඳුවකින් මනින්නට උත්සාහ කලා වගේ වේවි.” මද සිනාවක් සමග ඔහු තම අදහස පැහැදිලි කර සිටියාය. පැමිනෙන සැදෑව සදහා ආගන්තුක කුටියට ඔබ්බෙන් වන අසුන වෙතට වීම සිත ප්‍රබෝධමත් කරන පුරුද්දක් වී ඇතුවා සේය. ඉදිරියෙන් වන නැගෙනහිර කඳු පෙල මතට සැදෑ හිරු කෙඳි පැමින රත්වර්න ගැන්වීම හමුවූ ඇය සමග කදු මුදුනතට ආ ගිය අපූරු අතීතයට සිත නිරන්තරයෙන් කැදවා ගෙන යනු සුලුය. ඇය සැබවින්ම ප්‍රබෝධමත් එකියක වීම මා බොහෝ සෙයින් සිත් ගත් කරුනක වූවාය. ඇයගේ කථා බහ, සිනාව, ගමන බිමන හැමතැනකම ඒ බව වූවාය. “හැදෑරීම් සහකාරියක වන්නට ඇය අපූරු එකියකි.” වරක් සැදෑ හමුවකින් පසුව නේවාසිකාගාරයට ගිය පසුව දින සටහනක ඇය වෙනුවෙන් අකුරු කර තැබුවා මතකය(52)

Fountain pen over audit report, with checkmark against "audit satisfactory".

තිස්තුන් වන කොටස…

                          සෑදෑව උදාවෙත්ම අපට දවස පිලිබදව සමාලෝචනයකට පැමිනෙන්නට අවශ්‍යවිය. වගා භූමියේ සිට ආශ්‍රමය වෙතට දෙවෙන මාවත දිගේ අප ඇවිද එමින් සිටියෙමු. “සමස්තයක් හැටියට ඔබට යමක් කියන්නට තිබෙනවා නේද?” ඒ ටිබෙටියානු මිතුරාගෙන් ආරාධනාවකි. “ඔව් ඇත්තටම , මම කැමතියියි ඔවුන්ව නම් කරන්න තරු මිනිසුන් කියලා. ඔවුන්ගේ යටි මනස වැඩසටහන් ගත වෙලා තියෙන්නේ හරිම අපූරු විදිහට. මට හිතෙනවා තවම මතුපිටට නො එන ලද ශක්‍යතා තවත් බොහොමයි කියලා. සමහර විට විශ්වයේ තව අභ්‍යන්තරයට මිනිසුන් සමග යානාවක් යවන්නේ කොහොමද කියලා වගෙ දේවල්. මම කියන්නේ දැනට බලපාමින් තියෙන කාලය , ගත හැකි උපරිම වේගය වගෙ අභියෝග ජයගන්නේ කොහොමද කියලා වගෙ දේවල්. බොහෝ වෙලාවට පෘතුවිය මතුපිටදී තවමත් මිනිසුන් පාලනය කරන සුලි කුනා‍ටු , සුනාමි , භූකම්පන වගේ දේවල්. ” ඇත්තෙන්ම ඔවුන් අපූරු ජීවන රටාවක් ලබා ගත්වුන් බව දවසේ ලද අත්දැකීම් මා වෙත තවත් පහැදිලි කරදෙන ලදී. කාලයක් තිස්සේ නිරන්තරයෙන් ඔවුන් සමග ගත කල මිතුරා ඔවුනගේ අපූරත්වයේ රහස වඩාත් සමීපව පැහැදිලි කරන්නට විය. ” අපේ දියුනු ශිෂ්ඨාචාරවලට වඩා සරල නම්‍ය ක්‍රම වේද වලින් අපි විඳිනවට වඩා හරිම පහසු ආකාරවලට ඔවුන් ගැටලුවලට මුහුන දෙනවා කියලා මට හිතෙනවා.දැඩි වැසිසමයත් එක්ක ව්ටේටම වන කඳු පෙල ඔස්සේ පැමිනෙන ජල කඳ සමග ඔවුන් කරන පාලනයම හොදටම ඇති ඒ බවට. වේගයෙන් පැමිනෙන ඒ ජල කඳ ‍රැස්වීම කුඩා පෙදෙස් වලට සීමා කර ගමිනින් ඔවුනට පාලනය කර ගත හැකි ආකාරයට ඈතින් වන ගංගාව වෙතට ගෙන යන ආකාරය හරිම තර්කානු කූලයි. දියුනු යැයි සිතා සිටින මිනිසුන් මෙන් යෝධ කොන්ක්‍රීට් ඉදිකිරීම් වෙනුවට කුඩාවට මෙන්ම ශක්තිමත්ව ගොඩ නැගෙන ස්වභාවික දෑ භාවිතාවන අයුරින් ඔවුන් ඒවා පාලනය කරන ආකාරය හරිම විසිතුරුයි.”(51) කුතුහල මනස ප්‍රබෝධයෙන් පිරවූ අපූරු දවසක් අවසන් වෙමින් තිබේ. බොහෝ සංස්කෘතීන් අතර වන සරල ක්‍රම වෙනස් කම් වලට වඩා මෙහි වැසියන්ගේ ජීවන රටාව පදනම් මට්ටමේ සිටම වඩාත් වෙනස් ස්වභාවයක් ගැනීම ඔනෑම හදාරන්නෙකුගේ සිත් පැහැර ගනු ඇත. ඔවුන් සමග ගතවන හැම හෝරාවකම පාහේ වඩාත් නව හැඩයක් ගත් මිනිස් සංකල්ප හමුවීම මහත් ප්‍රබෝධ ජනකය. ටිබෙටියනු මිතුරා සමු ගන්නට පෙර කල කල යෝජනාව වූවේ ඔවුන් වඩාත් දියුනුද නැතිනම් නොදියුනුද යන්න පවා විමසන්නට සම්මත අපගේ දැනුම් උපකරන වලට නොහැකි වන්නේ අප එම උපකරන නිර්මානය කර ගත් ප්‍රමිතීන් වලට ඔබ්බෙන් ඔවුනගේ ජීවන රටා නිර්මානය වන පදනම් පැවතීම නිසා විය හැක. “අප පද්ධතියක වන යමක් මනින්නට යොදාගන්නා මැනුම් යාන්ත්‍රන වලංගු වන්නට නම් ඒවා අතර සමානකම් විය යුතුයි. ඒවා කොතරම් සමාන ද යන්න ගන්නා මිනුම් කොතරම් නිවැරදිද යන්න මත රදා පවතී. අපේ දියුනු මහත්වරුන් එසේ යම් උත්සාහයක් ගත්තොත් ඒක සුලගේ වේගය අඩි කෝඳුවකින් මනින්නට උත්සාහ කලා වගේ වේවි.” මද සිනාවක් සමග ඔහු තම අදහස පැහැදිලි කර සිටියාය.

farms-beautiful-farm-house-amid-fields-hills-green-scenery-trees-sky-desktop-wallpapers

තිස් දෙවන කොටස…

             වගා බිම් අතර දවස පුරා වට අප දෙදෙන ඇවිඳිමින් සිටියෙමු. විටක ටිබෙටියානු මිතුරා දැන හඳුනන අයෙක් හමුවූ විට ඔවුන් ගෙන් බොහෝ දෑ දැන ගැනීමේ හැකියාවද ලැබිනි. ඔවුනගේ භූමීන් එකි නෙකාට අයිතියක් යටතේ පාලන වුවද සමහර කාරනා වලදී එම පෞද්ගලික බව ඉක්මවා යන පොඳුබවක් ඉස්මතුවන ආකාරය මනාව පෙනිනි. ජලය , හිරුඑලිය ලැබීම, වගා විවිධීකරනය, වැඩි ශ්‍රමයක් අවශ්‍ය වන විටදී වැනි බොහෝ අවස්ථාවලදී වඩාත් අපූරු ආකාරවලට තමන් බව පරයමින් අපේ බවක් ඉස්මතුවන ආකාරය අපූරුය. ඔවුන් අතරින් වඩාත්ම සිත්ගත් හමුවීම වූවේ පැමින ආපසුයාමට නියමිත නිශ්චිතකාල රටාවකට ‍රැදී සිටින නිශ්චිත යුතුකම් ප්‍රමානයකට බැදී සිටින අයවලුන් හැටියට ඔවුන් අතර වන මුත් කිසිවිටකත් මතුපිටට නෙයෙන එකගතාවයක් නැතිනම් අවබෝධයක් වැනි යමකි. ඔවුන් අතර වන අපූරු යෙදුමක් මේ බව වඩාත් පැහැදිලි කෙරිනි. “කොටස් කරගත් පොලෝ තලයක අප විසුවද එකම අහස් කුසක් අප ඉහලින් තිබේ. එයට අභියෝග කල නොහැක”. ඔවුන් දැඩිව එම බව ප්‍රායෝගිකව තම දෛනික ජීවිතයේ තීරනත්මක අවස්ථාවල්දී ඒ බවට වන එකගතාවය විහිදවන සුලු ජීවිත රටාවක් ගත කරන බවක් පැහැදිලිය. බොහෝ හදාරන්නන්හට ඔවුන් මග හැරෙන සුලු වන්නේ වඩාත් වටිනා ඔවුන්ගේ හරයන් වන්නේ මහත් තර්කානුකූල මතුපිට මනසට යටින් දිවෙන අවිංඥානික මනසේ වීම නැතිනම් ඒවා අවබෝදයන් මිසක මහත් පරිශ්‍රමයකින් අත්පත් කර ගන්නා හා ‍රැකගන්නා ඒවා නොව ස්වංයව ක්‍රියාත්මක වන ඒවා වීම නිසාය. අනෙක් දෙසින් ඒවා හදාරමින් ආක්‍රමනයට ඉඩ නොලැබෙන්නේද ඒ නිසාම විය යුතුය. වරක් ඔවුන් සතු ඖෂධ ක්‍රම කිහිපයක් ‍රැගෙන ගිය විදේශ හදාරන්නෙකු පසුව ගබඩා භාරතුමා වෙතට දන්වා ඒවා ඇත්තේ “ඔවුන් භාවිතාකරන දෑම භාවිතාකරමින් ඔවුන් ගේ පියවරයන්ම අනුගමනය කර උත්සාහකලද තමන් අසාර්ථකවූ බවකි”.(50)

miss-u-you-336928

තිස් එක්වන කොටස…

                       “මට සමාවෙන්න. මමත් කිසිසේත්ම හිතුවේ නැහැ අපි අතර මේ තරම් අපහසුතාවයට පත්වන මොහොතක් ඒවි කියලා. මට අවශ්‍ය උනේ නැහැ ඒ වගේ තත්වයක් ගොඩ නැගෙන්නට ඉඩ හැරෙන්න. ඒත් එක එහෙම වෙලා. බෑදීමක් පමනක් නොවේ බැදීමට අනිවාර්ය විරාමයකුත් ඇවිල්ල. යම් හෙයකින් නියමිත ආකාරයට මීලග ආයතනයේ සේවයට වාර්ථා නොකලහොත් මගේ වෘතීය ජීවිතයට ලොකු ගැටලුවක් වනවා පමනක් නොව විශාල වන්දියකට පවා ලක්කර ගන්නට ඔවුනට අවස්ථාව සැලසෙනවා”. මා පත්ව සිටින තත්වය පැහැදිලි කෙරන්නට උත්සාහ කලා මතකය.අප අතර කිසිදිනක බලාපොරොත්තු ගොඩ නැගෙන ආකාරයේ දෙබස් ඇති නොවුනු මුත් නිහඬවම පැමිනි බලාපොරොත්තු මුරන්ඩුව අප අතර සිටගෙන සිටිනාක් වැනි හැගීමක් සිත තුලට දැනිනි. මහත් සැහැල්ලුවෙන් හමුවූ දෙදෙනෙකු මහත් බ‍රැති හැගීම් වලින් තෙරෙපෙමින් අපහසුවෙන් සමුගන්නට සිදුව ඇත.(48) “මම හිතන්නේ ඔබ දැඩි සීතලට නිරාවරනය වීම ගැටලු සහගත විය හැකියි නේද?” ඒ ගබඩා කරුගේ හඬය. ඔහු පවසා ඇත්තේ සත්‍යකි. දහවල මිතුරා සමග කඳු මුදුනත දිගේ ගම්මාන නිම්නය දෙසට යන්නට සැරසුනු සාමන්‍ය සීතලට බවට සරිලන ඇඳුමින් තවමත් එලෙසමය. සෑහෙන ව්‍යායාම සමග සිරුරේ උනුසුම නිසා ආගන්තුක කුටිය අසල අසුන පැමිනෙන විට දැඩි සීතලට ඔරොත්තු දෙන අමතර ඇඳුමක් ඇග ලා ගන්නට අවශ්‍ය නොවුනද දැන් නම් අවශ්‍යව ඇතිය. “ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවා ඔබට අවශ්‍යනම් සෑදෑ හමුවෙන් පසුව පැමිනෙනට කියලා”. ආශ්‍රම භූමියට , ලොකු ස්වාමීන් වහන්සේට , දහම් කාරනා වලට මහත් මිත්‍රව සැහැල්ලු ජිවිතයක් මෙහි තිබූ අතීතය වෙතට නැවත පිවිසෙන්නට මදක් නොව හොඳින්ම අපහසුව ඇත්තාක් වැනිය. වරක් සැඩ සුලගකට හසුව ගැලවී පැමිනි අතුකැබැල්ලක් ටිබෙටියානු මිතුරාගේ කුටියේ වහලයේද විශාල කොටසක සමග පොලවට පතිතවූ විටක ඔහු සතුව තිබූ සියල්ල බහාලූ ගමන් මල්ල පවා අහිමි වූ මොහොතකදී නොසැලී සිටින්නට මනස පොලබවාලූ මා අද දුරස් පෙදෙසක වෙසෙන මිතුරියක හා බැදුනු බැදියාවක් ඔස්සේ අපහසුතාවයට පත්වන යුරු මාතුලම විමතියක් ඇති කරවන සුලුය. ලොකු ස්වමීන් වහන්සේ සමග ගැබුරු වන ලැහැබේ ස්වභාවික ගල් කුටිවල සති කිහිපයක් දහම් වඩමින් හුදකලාව සිටි, සැහැල්ලු කල මනස, හමුවූ අපූරු යුවතියක හා සුහඳව ගෙවී ගිය කාලයේ මතකය විසින් පරයමින් මතුපිට වසා ගන්නා ආකාරය පුදුම උපදවන සිදුවීමකි. හුදු කයින්, මනසින් ඈ ස්ත්‍රියක වීම අප සැබැදුමේ පදනම නොවිනි. සමාන සුසරයන් දරන මනස් එකි නෙක යාවීම වඩාත් අවිංඥානික සිදුවීමක් වනවා විය යුතුය. සමහර විටක දහම දෑ මග හැර සිටින්නට යෝජනා කරන්නේ ඒවා සමග නොදැනීම ඇතිවන මිත්‍රත්වය සමග පසුව සංහිදියාව සොයාගන්නට අරගල කරන්නට සිදුවන නිසා විය හැකිය.(49)

Lamp_Post__by_DreamOn14

තිස්වන කොටස..

                      “අපි ටිකක් නැවතිලා යමුද?” අදුරට පෙර දැල්ව ඇති පහන් කනුවකට යාබදව වූ අසුන් පෙලක් දක්වමින් ඇයට අසුන් ගන්නට ආරාධනා කරන ලද්දේ ඒ සදහා ඇගේ ප්‍රතිචාරයද නොතකමිනි. ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කාලයකි. ජීවිතයේ සිදුවූ අපූරුතම හමුවීමකින් සමුගන්නට දින නියම වී ඇතිය. හැදෑරුම් සටහන් අතර සිරව සීමාවක් රටාවක් නැතිව ගලා ගිය ජීවිතයට මද හෝ විරාමයක් හමුව ඇතියා සේ දැනේ. හමුවූවාටත් වඩා වේගයකින් සමු ගන්නට සිදුවීම වචන කල නොහැකි රිදුමක්ව අත්මය පුරාවට දිව යන්නා සේ හැගේ. “දන්නවද, ඔබ හමුව නිසා ගෙවී ගිය කාලයනිසාම මට අධ්‍යාන ආයතනය සමග වුනු ගිවිසුම දීර්ඝ කර ගන්නට අතපසු උනා. පෙර වසරේදී එකග වූ මීලග ආයතනය සදහා සේවයට වාර්ථා කරන්නට පෙර දැනුම් දීම පැමුනුනාම තමයි තත්වය මතක් වුනේ. දැන් මම පරක්කු වැඩියි” දැඩි අපහසුතාවයට පත්ව මම පවසන්නට විනි. “සමහර විට ඔබට වැරදීමක් වෙන්න බැරිද.? මම කියන්නේ මම විශේෂ කෙනෙක් වෙන්නේ කොහොමද? ඔබට ඔනෑ තරම් මිතුරියන් හිතවතියන් හමු වෙලා ඇති.” ඇය පවසන්නට අවශයව ඇත්තේ තත්වය මදක් හෝ සංසුන් වන යමක් මිස සැබෑව කුමක් දැයි නොදන්නා නිසා නොවන බව මට හැගිනි. “මම හිතන්නේ ඔබ මට වඩාත් විශේෂ කෙනෙක්. ඔබට මතකද අර උදයාන සිතුවම් දැක්මේ තිබුනු එක් චිත්‍රයක් නම් කර තිබුනා ‘මව නැවත හමුවීම’ කියලා. ඔබට තේරුනාද එහි ඇඳ තිබූ තරුනියගේ රූ සටහනට මතුපිටින් ඉස්මතු කරලා තිබුනා ආරක්ශිත බවක් හැගෙන රූ සටහනක්. මතකද එම සිතුවමේම පසකින් කුඩාවට දක්වලා තිබුනා අනාරක්ශිතව වේදනාවෙන් සිටින කුඩා දරුවෙකු ගේ සටහනක්. ඔබ සිතනවාට වඩා සංකීර්න මානසික ක්‍රියාවලියක් එතන තිබුනා.” වෛද්‍යවරියක වූ ඇයට වඩාත් දේ පැහැදිලි කරන්නට අවශ්‍ය නොවිනි. (47) ජීවිතයේ හමුවූ නිහඬතම නිමේශයන් ගතව ගියේ ඒ මොහොතදී යැයි සිතන තරම් විය. වඩාත් සංකීර්න විෂය ගැටලු සමග තිබූ සුව පහසු දෙබසේ ගලා යාම අප අතරින් අතුරු දහන්විය. සාමන්‍යයෙන් දෑ බර පතලව ගනන් නොගන්නා ඇය මිනිස් හැගීමක් ඉදිරියේ මෙතරම් නිශ්චලවූ වේ කෙසේදැයි මාතුලද විමතියක් නැගිනි. අඩ හෝරාවට ආසන්න කාලයක් වචනයකුදු නොදොඩා අප අතරි ගලා ගියා විය යුතුය. “දන්නවද, වචන වලට වඩා වචන අතර එන හිස් අවකාශය වඩාත් අර්ථ සම්පන්නයැයි සමහරුන් කියලා තිබෙනවා. අපි වචන අතරේ කොයිතරම් දක්ශ උනත් ඒවා අතර මැදට එන හිස් අවකාශයට වන අර්ත වලදී කොයි තරම් අසරනද කියලා දැන් මට තේරෙනවා.” නිහඬ බව බිඳින්නට මෙන්ම ව්‍යාජ නොසැලුනු බවක් පෙන්වන්නටද මට අවශ්‍ය වූවා විය යුතුය.