Back to Top
satelite

 “හැම තැනකම ඇත්තේ තොරතුරුය. සමහර තොරතුරු වලට ස්වභාවික ලෝකයේ මූලයන් ඇත, සමහර ඒවාට කිසි සේත්ම නැත. මිනිස් සංස්කෘති කථාන්දරය තොරතුරු හඳුනා ගැනීම හා ඒවා නිසි කලමනාකරනයට මිනිස් වර්ගයා ලත් හැකියාවේ දිගු ගමන් මගයි.” වරක් අප විශ්ව විද්‍යාලයට පැමිනි ආරාධිත දේශකතුමකුගේ නිර්වචනය නැවත නැවතත් සිහියට නැගේ .”DNA අනුවක් ‍රැගෙන යන්නෙත් තොරතුරුයි. මාසිකව ඔබ ගනු දෙනු කරන බැංකුවෙන් වාර්ථාවක් එවන්නේ ඔබගේ ගිනුමෙහි සිදුවූ චලනයන්ගේ තොරතුරුයි.” එය අපූරු නිර්වචනයකි. තොරතුරු තාක්ශනය පිලිබඳ විශාරදයෙකු වූ ඔහු අවසානයේ දහම ගැනද සඳහන් කරමින් තම දේශනය අවසන් කරන්නට කටයුතු කලාය. “අන්තිමට දැන් මට අවශ්‍යයි මම නම් තොරතුරු ගොනුව සැහැල්ලු කර ගන්නට. පලමුව වේගයෙන් එහි වන තොරතුරු ‍රැස්වීම අඩපන කරගන්නටත් ගබඩා වී ඇති තොරතුරු හැකි තරම් අඩුකර ගන්නටත්”

                                             කෙමෙන් දැඩිවන හිරු කෙඳි කාර්යාල භූමියේම මදක් දුරින් ඇති විශාල නුගරුකෙහි අතු පතරින් රිංගා යමින් මිහිතලය සිපගන්නා විට මැවෙන්නේ සිත්ගන්නා අපූරු රටාවන්ය. ගබඩා භාරකරුගේ මද පමාව ඔස්සේ මදක් එදෙසට ඇවිද යන්නට සිත පෙලබේ. පෙර කී දේශකයා තොරතුරු තාක්ශනය හා පුද්ගල හා සමාජ යාන්ත්‍රන අතර තිබූ නොහැදූරුනු අවකශය පිලිබදව වඩාත් විනිවිද යන මතවාද කිහිපයක්ම පලනුවෙන් ලොවට හෙලි කල විද්වතෙකු වූවාය. මිනිසා භාෂා අත්පත්කර ගැනීමෙන් පසුව මිනිස් වර්ගයා අත්පත්කර ගත් වඩත්ම තීරනාත්මක හැකියාව තොරතුරු තාක්ශනය බව ඔහුගේ මතය විය. විටක භාෂවටත් වඩා තියුනු ලෙස මිනිස් ජීවිත විනිවිද යමින් එය මිනිස් වර්ගයා වෙතට සේවයක් ගෙනෙනු ඇති බවට අදහස් පල කොට සිටියාය. ” ඔබ ඔබගේ විෂය සීමාව ඉක්මවා යන්නෙකි” දේශයනය අවසානයේ විමසුම් යොමුකරන අවස්ථාවේදී අපගේ විශ්වවිද්‍යාලයේම කනිෂ්ඨ ආචාර්ය වරයෙකු උපහාසාත්මකව ප්‍රශ්න කොට සිටියාය. සරල පාවහන් යුගලක් හා මද අවපැහැගැන්වුනු ඇඳුමකින් සැරසී සිටි එම දේශකයා සුපුරුදු සරල මුත් තියුනු වදන් වැලකින් පිලිතුරු දුන්නාය. “මට ඔබගේ උගත්කම් පිලිබදව වන ඔප්පු තිරප්පු වැනි හිමිකම් වලින් එතරම් තේරුමක් නැහැ. මම නිදහසේ ඇවිද යන්නෙක්. හැබැයි ඔබ මා වැරදි බව පැහැදිලි කරන හැම වාරයක් පාසාම මම ඔබට ගරු කරනවා. මන්ද ඒ හැම වාරයකදීම ජීවත් වන්නට අරමුනු ගෙන එනවා. හැබැයි ඔබතුමාට මම පෙර කීවා සේ දැනුම පිලිබදව ඔප්පු තිරප්පු වල මානය මට අදාල නැහැ. තවත් පැහැදිලි කලහොත් දැනුම හා අවබෝදය පිලිබදව මගේ මානය ඔබගේ මානයන් වලට වඩා වෙනස්. කොටින්ම ඒවා එකි නෙන හමුනොවන තරම් වෙනස්”. ඔහු අපූරු මිනිසෙකි.

                            මේ විසල් නුග රුකට ඔබ්බෙන් වන ශාලාව වේ පසු පසින් වන ගල්තලාව හා ඉන් අද්දරට ඇත්තේ තියුනු ප්‍රපාතයකි. ලොකු ස්වමීන් වහන්සේ බොහෝ විවේක අවස්ථා සදහා තොර ගන්නේ මෙම අවකාශයයි. ඒ ගල් තලාව මතට ගොඩ වූ විට මහත් දුරින් වන කඳු වැටි දක්වාම විහිදෙන්නේ විසල් විවෘත අවකාශයක්ය. විටක පමනක් මහත්සේ කැලෙබෙන සියතුන්ගේ හඬ හැරුනු විට අවට වන ගසකින් ගිලිහෙන තුරුපතක් පොලොව මත ඇද වැටෙන හඬ පවා ඇසෙන තරමේ නිහඬ බව පෙර කී නිදහස් නෙතුමාන අර්ථයට වඩා බරපතල වටිනා කමක් ගෙනෙනවා වැනිය. ගබඩා බාරකරුගේ පමාව ඔස්සේ එම ගල්තලාව මත හිඳ මොහොතක් ගෙවා දමන්නට අවසර ලදිමි.
පෙර කී දේශක තුමාගේ දේශනයේ අවසාන භාගයේ සඳහන්වූ අපූරු සටහන් කිහිපයක් මතකට පිවිසේ. “ජීවිතේ කියන්නෙත් තොරතුරු ගොනුවක්. හරිම සංකීර්න එකක් හැබැයි. සිලිකන් මූලික ද්විත්ව වටිනාකම් ආකාරයට ගොඩනැගෙන යන්ත්‍රනයකට වඩා සංකීර්න ආකාරයට එතැනදී තොරතුරු ගබඩා වීම, යලි යලිත් සැකසීම, නැවත ලබාදීම සිදුවනවා වුවත් සරලව සලකන විට සමානකම් බොහොමයි. මට වැටහෙන ආකාරයට සසර වගෙ සංකල්ප පවා ගොඩ නැගෙන්නේ මේ විෂයට එකග ආකාරයට. දහම අපට යෝජනා කරනවා මේ අපිරිමිත තොරතුරු ‍රැස්වීම පාලනය කරන්නට කියා. දහම අපට යෝජනා කරනවා ‍රැස්ව ඇති තොරතුරු ඔස්සේ අපව නැවත නැවත මෙහෙයවෙමින් සිදුවන ක්‍රියා වලීන් අවසන් කර දමන්නට නොපමාව කටයුතු කරන්නට කියා. බොහෝ නම්වලින් කෘතීම සීමා පනවාගන්නා දහම් සියල්ල යෝජනා කරන්නේ මෙයයි. පරිගණක විෂය තුලද අද මේ වගෙ යෝජනා “ඩිජිටල් වෙහෙස” වගේ නම් ඔස්සේ පැමිනෙනවා දකින්නට පුලුවන්. මේ දහම පිලිබදව දේශනයක් නොවන බව මම නොදන්නවා නොවේයි. ඒ වාගේම දහම හා තාක්ශනය සසදන්නට වගේ විසුලු කරනාවකට නොවෙයි මම උත්සාහ කලේ..” නැවත ආශ්‍රමය වෙතට පැමිනෙන්නට එම දේශනය දැඩි සාධකයක් විය