Back to Top
a1_sleeping_1600-e1495420421770

මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. “ඔබ නොදන්නවා උනාට ඔබට පෙනෙන ඔය ගස් වැල් වැලිකැට පස් ගල් පර්වත අතරින් නිරන්තරයෙන් සරන තවත් ජීවයක් තිබෙනවා. සුලග, ආලෝකය, ජලය ගලා යාම ඒ ශක්තිජීවියාව නිර්මානය කරනවා. සමහර විටක විසුලු බවක් පෙනුනද මද හෝ සංවේදී පරිසරයේ කරන සමහර වෙනස් කම් ඔස්සේ ඔබට ඒ අත්දැකීම ලබන්නට පුලුවන් වේවි. ෆෙන්ශූයි, තයිචි වැනි බොහෝ නම් වලින් මිනිසුන් මේ රිද්මයට ලංවෙන්නට උත්සාහ කරලා තිබෙනවා…” ආශ්‍රම භුමියද එවැන්නකැයි මම සිතමි.
කලාතුරකින් සිදුවන අපූර්ව ශක්ති සංයුතියක් මෙහි ගොනුව ඇතැයි මට හැගෙන සුලුය. ලොව නෙක බොහෝ පරිසරයන් කොතැනකදී වත් මෙවන් ශාන්තිමත් තැන්පත් පරිසරයක් මට හමුවී නොමැත්තෙමි. පලමු ආශ්‍රම ගමනේ පලමු දින දෙක තුන ගතවන විටදීම මේ ජීවිත සංචාරයේ නවා තැන වෙතට පැමිනියා වැනි හැගීමක් ඇති විය. දිගු සංසාර ගමනේ මිත්‍රයා හමුවීමක හැගීම ගෙනෙන්නට ටිබෙටියානු මිත්‍රයා සමත්විය. කදුමුනතට වන්නට වූ කුටියෙහි ගෙවූ කාලය දිව්‍ය අත්දැකීමකැයි නොසිතන්නට කිසිසේත් බැරුවා සේය. විටක අඟුරු කැටයකින් විටක සුසුදු වැලි තලය මත ඇගිලිතුඩකින් ඔහු නිමවන සරල රේඛාමය සිතුවම් නෙතද, විටක ආශ්‍රම භූමියේ බටහිර බෑවුමේ පහලින් ගලා යන විශාල ගංගාව අසබට වන්නට විත් වැලි තලය මත වැතිර ඔහුගේ අපූර්ව ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය ගායනා සවනටද ගෙන ආ වින්දනීය බව එම පරිසරය තුලදීම හැරෙන්නට ලොව අන් කිසිම තැනකදී නැවත සිදුවේවි යැයි මට විශ්වාස කල නොහැකිය. ආත්මීය දිව්‍ය අවකාශයට පිවිසෙන්නට තව ඇත්තේ පියවර කිහිපයකි. නොදැනීම පය ඉක්මන් වන බවක් දැනෙන්නට ගැනේ

ආශ්‍රමයේ පිවිසුම සුපුරුදු පරිදිමය. නෙතට හුරු පුරුදු එහි වන සටන් පෙලවල් එලෙසමය. ගබඩාකරුගේ කුටිය හා කාර්යාල ගොඩ නැගිල්ල කාලයෙන් වියුත්තව වෙනම කාල රටාවකට යටත්ව සිටිනවා වැනිය. එහෙත් සුපුරුදු අපූරුවත් බව නම් අඩුවක් නොමැතිවා සේම එලෙසමය. “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” එනම් වෙනස අහිමිවන විටම මානසික වියවුලක් නැගෙන සුලුය. පුදුමයකි කිහිප විටක්ම පැමින බොහෝ කලක් ගතකල මෙම පරිසරය තවමත් පලමුදා මෙන්ම අපමන නැවුම්ය. තැන තැන වන විශාල රුක්ශයන් පවා දැහැනකට සමවැදී නතරවා සිටිනවා වැනිය. නැවත නැවතත් මනස අවදිකරවා ගෙන විමසා බලන්නට තැත් කලෙමි. සියල්ල එලෙසමය.
“මහත්මයා ඔබතුමා කාලයකින්…” ගබඩාකරුගේ සුපුරුදු කට හඬ කාර්යාලයේ දොර‍ටුව දෙසට මා අවධානය යොමු කර ගත්තාය. ඉන්දියානු වැසියෙකු මෙන් ඇඳ පැලඳ සිටියද ජර්මන් ජාතිකයෙකු වූ ඔහු ප්‍රකට විශ්වවිද්‍යාලයක පුස්ථකාලාධිපති වරයෙක්ව කාලයක් සේවය කරමින් සිටි අතර නිවාඩුවක් සදහා අහඹුලෙස ඉන්දියාවට ගිය විටකදී දහම ගැන අවදිවූ මනසක ප්‍රථිපලයක් ලෙසට මෙම ආශ්‍රමය තම අවසන් නවාතැන ලෙසට තොරා ගත්තෙකි. “මෙහි ඔබව හසුරවන්නට කිසිවෙකු නොමැත්තේය” ප්‍රධාන දොර‍ටුවේ වන සටහන සැබෑවකි. මෙහි වන ශාන්තිමත් රිද්මයවෙතට සුසර වන්නට බැරිවන පැමිනෙන්නන් අතරින් බොහෝ දෙනෙක් පිටව යන්නේ ස්වකැමැත්තෙන්මය. ගබඩාකරු පැමින ටික කාලයකින් පූර්න කාලීන දහම වඩන්නෙක් වන්නට තමන්ට නොහැකි බව වටහා ගෙන කැමැත්තෙන්ම ගබඩාව හා කාර්යාලයේ පූර්නකාලීනව සේවයට කැමැත්ත පල කල අයෙකි. “ඔබව දකින්නට ලැබිම සතුටක්..” පවසමින් මම කාර්යලයට ගොඩ උනෙමි. ” මම හිතන්නේ ඔබතුමා වඩාත්ම බලාපොරොත්තුවන පනිවිඬයක් තිබෙනවා. ඔබගේ හිතවත් ටිබෙටියානු මිත්‍රයා ලගදී නැවත පැමිනියා. කීපවරක්ම එතුමා ඔබ ගැනත් විමසා සිටියා” සුපුරුදු කාරුනික හඩින් ඔහු පවසා සිටින්නට විය.

කාර්යාලයේ පිවිසුම් දොර‍ටුව අද්දර වූ දැව අසුනට බර දීමි. “ඔබතුමාගේ පැමිණීම මහත් සතුටක්. මට විනාඩි කිහිපයක් දෙන්න ලොකු ස්වමීන්වහසේ හමුවෙලා එන්න.” කඩිසර ගමනින් යන ගබඩා පාලකතුමාට මා පැමිනි බව ලොකු ස්වමීන්වහසේ වෙතට සැලකරන්න අවශ්‍යව ඇතුවා විය යුතුය. මතක නිවැරදිනම් වසර 10ක් වැනි දිගු කලක් තිස්සේ අප කිහිප විටක්ම හමුව තිබේ. එය අපූරු බැදීමකි. මෙහි වන කිසිවෙකු අතර යැපීම් සිදු නොවේ. එකි නෙකා ප්‍රියකිරීම ඇරබෙන්නේ ඉහල තලකිනි. බර වචනයකින් පවසනවා නම් අධ්‍යාත්මික බැදීම යනු මෙය විය යුතුය.